වර්තමාන බලශක්ති සහ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් ලෙස Gavinro සමූහ ව්‍යාපාරයේ නවතම අංශය වන GV Auto, ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් වාහන (EV) පෙළක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට හිතකර ප්‍රවාහන විසඳුම් සැපයීම මෙහි මූලික අරමුණ වන අතර, ඒ හරහා විද්‍යුත් වාහන භාවිතය වඩාත් පුළුල් පරාසයකින් ජනතාවට සමීප කරවීමට ඔවුන් අපේක්ෂා කරයි.
GV Auto ආයතනය ලොව සුප්‍රසිද්ධ Skywell, Skyworth සහ Keyton වැනි විද්‍යුත් වාහන සන්නාම මෙරට නියෝජනය කරන අතර, මෙයට සුඛෝපභෝගී SUV රථ මෙන්ම වාණිජමය භාවිතයට සුදුසු බස් රථ සහ බර වාහන ද ඇතුළත් වේ. ඉන්ධන වියදම් සහ නඩත්තු පිරිවැය අවම වීම නිසා විද්‍යුත් වාහන භාවිතය පරිසර හිතකාමී මෙන්ම දිගුකාලීන මූල්‍යමය වාසි ගෙන දෙන තීරණයක් බව Gavinro සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අභීත් දංගල්ල මහතා පවසයි.
Aramex Sri Lanka, Navesta Pharmaceuticals සහ W15 Group වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් දැනටමත් GV Auto සමඟ එක්ව සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා විද්‍යුත් වාහන යොදා ගැනීමට ගිවිසුම්ගත වී සිටීම විශේෂත්වයකි. විද්‍යුත් වාහන සම්බන්ධයෙන් පවතින දුර ප්‍රමාණය සහ අමතර කොටස් පිළිබඳ ගැටලුවලට පිළියම් ලෙස නවීන අලෙවියෙන් පසු සේවා ජාලයක් සහ අමතර කොටස් ගබඩාවක් ද සමාගම විසින් ස්ථාපිත කර තිබේ. ‘එක්වරක් විද්‍යුත් වාහනයකට මාරු වී, සැමදා ඉතිරි කරන්න’ යන පණිවිඩය පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවෝත්පාදන පෙරළියක් ඇති කිරීමට GV Auto මේ වන විට කටයුතු කරමින් සිටී.













