යාපනය, කුඩඉරිප්පු වෙරළ ප්‍රදේශයේදී වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 අප්‍රේල් මස 27 වන දින අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් මුහුදු කූඩැල්ලන් 450ක්, එක් ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ තොගයක් සිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 44ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් ඇතුළු ආම්පන්න තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.














