සාමය සහ එකමුතුකම තේමා කරගනිමින් දින 7ක් පුරා අඛණ්ඩව පැවැති ‘ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ සමාප්ති උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. අද දහවල් කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම අවසන් අදියරේ පා ගමන කොළඹ නගරය හරහා නිදහස් චතුරස්‍රය වෙත ළඟා වූ අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. මෙහිදී සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික පූජාවක් ලෙස, අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජනාධිපතිවරයා විසින් පූජා කරන ලදී. ජාතික සමගිය සහ ආගමික සහජීවනය පදනම් කරගත් මෙම සාම පාද යාත්‍රාව සඳහා විශාල ජනතාවක් සහ මහා සංඝරත්නය එක්ව සිටියහ.














