අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ. වොෂින්ටන් ඩී.සී. හි හෝටලයක පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර මෙම වෙඩි හඬ ඇසී ඇති අතර, ඒ සමඟම ජනාධිපතිවරයා, මෙලනියා ට්‍රම්ප් මහත්මිය සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු පිරිස ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
සිය X ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොමැති බවත්, මෙම සිදුවීම නිසැකවම හෙළා දැකිය යුතු බවත්ය. ජනාධිපති ට්‍රම්ප් ඇතුළු පිරිස නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් තමා සැනසීමට පත් වූ බව පවසන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ අඛණ්ඩ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සිය සුබ පැතුම් ද පිරිනමා තිබේ.














