පැය 24ක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී හේතු දැක්වීමකින් තොරව හදිසියේ කල් දමනු ලැබූ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය, ලබන ජුනි මස 07 වැනිදා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය විභාග ශාලා වෙන් කර ගැනීමේ කටයුතු කලාප අධ්‍යාපන කාර්යාල හරහා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
මෙම විභාගය පැවැත්වීමට ඉතා ආසන්නව තිබියදී හදිසියේ කල් දැමීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූ අතර, ඊට එරෙහිව ගුරු සහ විදුහල්පති සංගම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා සූදානමින් සිටියේය. නව දින වකවානු ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අයදුම්කරුවන් අතර පැවති අවිනිශ්චිතභාවය පහව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.















