ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් සේවය (USPS) වෙත ගෙවන ලද ඇමරිකානු ඩොලර් 625,000 ක මුදලක් අදාළ පාර්ශවයට ලැබී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (28) අනාවරණය කළේය. පශ්චාත් කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
තමන් වෙත ලැබිය යුතු අදාළ ගෙවීම් මෙතෙක් ලැබී නොමැති බව ඇමරිකානු තැපැල් සේවය විසින් නිල වශයෙන් දැනුම් දීමෙන් පසුව මෙම වංචාව පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ. මීට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් සම්බන්ධයෙන් ද අලුතින් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, මෙම මුදල් අතුරුදන් වූයේ කෙසේද යන්න පිළිබඳව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරයි.














