කොවිඩ්-19 වසංගත පර්යේෂණ ආධාරවලට අදාළ ෆෙඩරල් වාර්තා හිතාමතා මඟ හැරීම සහ රජයේ රාජකාරි සඳහා පෞද්ගලික විද්‍යුත් තැපෑල (Email) භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික සෞඛ්‍ය ආයතනයේ (NIH) හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩේවිඩ් මෝරන්ස්ට (David Morens) එරෙහිව ට්‍රම්ප් පරිපාලනය විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
කොවිඩ් වෛරසයේ සම්භවය පිළිබඳ විකල්ප මතයන් යටපත් කිරීම සඳහා මොහු තොරතුරු සඟවා ඇති බවට වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) චෝදනා කරයි. කුමන්ත්‍රණය කිරීම, වාර්තා විනාශ කිරීම සහ ඒවා වෙනස් කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ මොහුට එරෙහිව නඩු පවරා ඇත. වසංගතය ආරම්භ වූ සමයේ ඇන්තනි ෆවුසි (Dr. Anthony Fauci) මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මොහු සම්බන්ධයෙන් ගත් මෙම ක්‍රියාමාර්ගය, වෛරසයේ සම්භවය සෙවීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ආරම්භ කර ඇති වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.














