ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියදුරකු ලෙස කටයුතු කළ සරසවි සිසුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන තරුණයකු වන අතර ඔහු විශ්වවිද්‍යාල සිසුවකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ විදේශික කාන්තාව මෙම කුලී රථය මගින් ගමන් කරමින් සිටියදී මෙම අපරාධයට මුහුණ දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර රියදුරුව සහ රථය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමට දායක වූ නිලධාරීන් වන්නේ උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර මහතා, පොලිස් සැරයන්වරුන් වන ජයන්ත (59433) සහ ප්‍රේමරත්න (18372) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සැරයන් ලක්මාලි (2890) මහත්මියයි.














