ඉන්දියාවේ මෝටර් රථ සඳහා භාවිත කරන ඉන්ධනවල එතනෝල් ප්‍රතිශතය ඉහළ නැංවීමට අදාළ නව නීති රීති මාලාවක් එරට මෝටර් රථ රීතිවලට ඇතුළත් කිරීමට ඉන්දීය රජය යෝජනා කර තිබේ. ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මෙම කෙටුම්පත මඟින් ‘E85’ (පැට්‍රල් සමඟ 85%ක් එතනෝල් මිශ්‍රිත) සහ ‘E100’ (සම්පූර්ණයෙන්ම එතනෝල්වලින් ක්‍රියා කරන) යන ඉන්ධන වර්ග හඳුන්වා දීමට නියමිතය.
2025 වසර වන විට ඉන්ධන සඳහා 20%ක එතනෝල් මිශ්‍ර කිරීමේ ඉලක්කය සාර්ථකව ජයගත් ඉන්දියාව, මෙලෙස එතනෝල් භාවිතය තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ විදේශයන්ගෙන් බොරතෙල් ආනයනය සඳහා වැයවන අතිවිශාල පිරිවැය අවම කර ගැනීමේ අරමුණෙනි. මෙම යෝජිත සංශෝධන සඳහා දැනට මහජන අදහස් විමසීම ආරම්භ කර ඇති අතර, ඉන් අනතුරුව රජය විසින් අවසන් තීරණය ගැනීමට නියමිතය. මෙමඟින් පරිසර දූෂණය අවම කිරීමට මෙන්ම ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට ද විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.















