“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2026 අප්‍රේල් 28 වන දින දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී සැකකරුවන් 908 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී හෙරොයින් ග්‍රෑම් 282ක් සම්බන්ධයෙන් වැටලීම් 305ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 610ක් සම්බන්ධයෙන් වැටලීම් 331ක් සිදුකර ඇති අතර ගංජා කිලෝග්‍රෑම් 04ක් සහ ග්‍රෑම් 502ක් සමඟ ගංජා පැල 479ක් අත්අඩංගුවට ගැනීමට අදාළව වැටලීම් 207ක් ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව කුෂ්, හෂීෂ්, මත්පෙති 200ක්, මදනමෝදක සහ මාවා සම්බන්ධයෙන් වැටලීම් 65ක් සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් සැකකරුවන් 10 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තවත් අයෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.














