පාසල් දැරියක අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල, බකමූණ සහ නාවුල ප්‍රදේශවල ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ඔහු ඒ සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය ලග්ගල පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර අදාළ ගුරුවරයාට දැරියකගේ පියෙකු විසින් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමේදී මෙම අපරාධය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු සිය සුඛෝපභෝගී රථයෙන් දැරියන් නකල්ස් සහ කඳු මුදුන්වල පිහිටි නැරඹුම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් වාහනය තුළදීම ඔවුන් අපයෝජනය කර ඇති බවයි. දැරියගේ සහ සැකකරුගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඒ බව තහවුරු වන අඩනිරුවත් ඡායාරූප ද සොයාගෙන තිබේ. අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු තවත් දරුවන් අපයෝජනය කර ඇත්දැයි සෙවීමට ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.














