කන්කසන්තුරය, උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකුගේ සමූහ ඡායාරූපයක් කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් නිරුවත් දර්ශන ලෙස සංස්කරණය කර වට්සැප් (WhatsApp) මාධ්‍ය ඔස්සේ බෙදා හැරී බව කියන එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු මරදන්කේනි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන් පිරිසකි.
විද්‍යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර සිසුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, AI තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද අදාළ නිරුවත් ඡායාරූප එම දුරකථනවල අඩංගුව තිබී සොයාගෙන ඇත. නවීන තාක්ෂණය අයථා ලෙස භාවිත කරමින් පුද්ගල ගෞරවයට හානි කිරීමේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














