කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ලබන වසර මුලදී විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙහි පළමු අදියර යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වාත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වාත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වාත් විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇත. වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව මෙම විද්‍යුත් දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමටත්, දුම්රිය මාර්ගවල පළල ජාත්‍යන්තර සම්මතයන්ට අනුව (Standard Gauge) ප්‍රතිසංස්කරණය කිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පොදු ප්‍රවාහන සේවයේ දැවැන්ත නවීකරණයක් අපේක්ෂා කෙරේ.














