මෙවර යල කන්නය සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බව අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසයි. පේරාදෙණිය, ගන්නෝරුවේ පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය සමඟ මේ පිළිබඳව විශේෂ සාකච්ඡා පවත්වා ඇති අතර, ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ප්‍රමාණවත්ව පවතින බවට ඔවුන් සහතික වී තිබේ. ඒ අනුව යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර බාධාවකින් තොරව ලබාගත හැකි වනු ඇති බව ද අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියාය.














