ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් (Gypsum Plaster) ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කළ විශාල කහ තොගයක් අද (29) ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ කාර්ය සාධක බලකාය (RTF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කහ කුඩු කිලෝග්‍රෑම් 2,580ක් සහ වියළි කහ අල කිලෝග්‍රෑම් 3,950ක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් විය.
රේගු නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අනාවරණය වූයේ ඉතා සූක්ෂම අයුරින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. අත්අඩංගුවට ගත් කහ තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.














