නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුන්ග් (Sudhan Gurung) ධුරයට පත්වී මසක් ගතවීමටත් පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරික දීපක් භාට් සමඟ පැවති බව කියන මූල්‍ය සබඳතා සහ කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත. තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයකට ඉඩ සැලසීම සඳහා “තනතුරට වඩා සදාචාරය වටිනා” බව පවසමින් ඔහු මෙලෙස ඉවත් වී තිබේ.
2025 වසරේ ඇති වූ “Gen Z” තරුණ නැගිටීමේ ප්‍රබල චරිතයක් වූ ගුරුන්ග්, බලයට පත්වූ විගසම හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට ගැනීමට පවා නියෝග කළ අයෙකි. දූෂණය පිටුදැකීමේ ප්‍රතිපත්තිය මත පදනම් වූ බැලේන්ද්‍ර ෂාගේ රජයට මෙම ඉල්ලා අස්වීම දැඩි දේශපාලන පීඩනයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














