ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නව පරිවර්තනයකට ලක් කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුවේ සභාපතිත්වය තමන් භාරගනු ලැබුවේ ජනාධිපතිවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ නිල ආරාධනයකට අනුව බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් කරා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහෙයවීම මෙම කමිටුවේ මූලික අරමුණ වී තිබේ. ක්‍රිකට් පරිපාලනය තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වීම තමන්ගේ අපේක්ෂාව බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














