දූෂණ හා වංචා ක්‍රියා මගින් විදේශගත කර ඇති බවට සැක කෙරෙන හිටපු පාලකයින්ගේ මුදල් සොයා ගැනීමේ විමර්ශන කටයුතු ජාතික ජනබලවේගය (NPP) විසින් මේ වන විටත් අරඹා තිබේ. අදාළ රටවල සහයෝගය ඇතිව මෙම විමර්ශන පුළුල් කර ඇති අතර, සැඟවූ මුදල් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට රජය බලාපොරොත්තු වේ.
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ, පෙර රජයන් මෙන් නොව විදේශීය රටවල සහයෝගය මේ වන විට රජයට ලැබෙන බවයි. මෙම සහයෝගය මත අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමටද රජය පියවර ගනිමින් සිටියි.
මෙම විමර්ශන කටයුතු අදාළ අංශ විසින් නිසි ලෙස සිදු කරමින් පවතින අතර, ඉදිරි සති කිහිපය තුළ නඩු පැවරීම සඳහා පියවර ගැනේ. දූෂණයට එරෙහිව කටයුතු කිරීම ප්‍රදර්ශනයක් නොවන බවත්, තාක්ෂණික දෝෂ හේතුවෙන් වැරදිකරුවන් නිදහස් වීම වළක්වා ගැනීමට ශක්තිමත් පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














