මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් බොහෝ දුරට එළඹෙන මැයි මස 05 වන දින පාර්ලිමේන්තුව හමුවේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇති බවයි. අද (30) දිනයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් කාරක සභාව (COPF) වෙත කැඳවා තිබුණ ද ඔහු ඊට සහභාගී වී නොමැත.













