ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් සමත් විය. වසර 18ක් පුරා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සතු වූ වාර්තාවක් මෙලෙස බිඳ වැටීම විශේෂත්වයකි.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (29) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රයන් රිකෙල්ටන් පන්දු 44කදී සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහු මුළු ලකුණු 123ක් පන්දු 55කදී නොදැවී රැස් කිරීමට සමත් විය.
මීට පෙර 2008 වසරේදී සනත් ජයසූරිය පන්දු 45කදී ශතකයක් රැස්කර මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. ඒ අනුව පන්දු 44කින් ශතකය සම්පූර්ණ කළ රිකෙල්ටන් එම වාර්තාව තමා සතු කර ගැනීමට සමත්ව ඇත.













