ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙන ලදී.
අධිකරණය හමුවේ අධිචෝදනා භාර දීමෙන් අනතුරුව උන්වහන්සේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය. ඉස්ලාම් දහමට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම මෙම නඩුව පැවරීමට හේතුව වී තිබේ.














