කන්තලේ, සීනිපුර බණ්ඩාරනායක විදුහලට අද (30) අලුයම කඩා වැදුණු වන අලි කණ්ඩායමක් පාසල් දේපළ රැසකට බරපතල හානි සිදු කර තිබේ.
අද අලුයම පාසල් පරිශ්‍රයට ඇතුළු වූ වන අලි රංචුව පන්ති කාමර තුනක් විනාශ කර දමා ඇත. එහි තිබූ පාසල් උපකරණ, පරිගණක ඇතුළු දේපළ රැසකට ද මෙම වන අලි ප්‍රහාරයෙන් හානි සිදු වී තිබේ. මීට අමතරව, පාසල් දරුවන් පානීය ජලය ලබා ගැනීම සඳහා භාවිතා කරන ජල ටැංකිය ද වන අලින් විසින් විනාශ කර ඇති බව වාර්තා වේ.














