දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සඳහා පක්ෂ රැසක ලේකම්වරුන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් සහභාගී වී සිටි බව වාර්තා වේ.
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇත. මීට අමතරව ඉදිරි මැතිවරණ කටයුතු වලට අදාළ තවත් කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.














