ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි උන්නතිය උදෙසා පත් කරන ලද ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව’ (Sri Lanka Cricket Transformation Committee) අද (30) උදෑසන නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
කමිටුව සිය රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ආගමික වතාවත්වල නිරත වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහයේ සහ ක්‍රීඩාවේ ගුණාත්මක භාවයේ ධනාත්මක වෙනසක් ඇති කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අදාළ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නව පණක් ලබා දීමේ අරමුණින් මෙම කමිටුව ක්‍රියාත්මක වීමට නියමිතය.














