ගම්පොල පොලිස් වසමට අයත් සිංහපිටිය ප්‍රදේශයේදී කොස් ගසකින් ඇද වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (29) රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ සිංහපිටිය ප්‍රදේශයේම පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු සිය නිවස ඉදිරිපිට තිබූ ගසකට කොස් ගෙඩියක් කැඩීම සඳහා නැග ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී ඔහු ගසෙන් බිමට ඇද වැටී ඇති අතර බරපතල තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පොල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














