පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරංගහවෙල සිට බෙරගල සහ හපුතලේ දක්වා වූ මාර්ග කොටසට ගල් පෙරළීමේ දැඩි අවදානමක් පවතින බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා අනතුරු අඟවයි. දැනටමත් හපුතලේ සහ බෙරගල අතර විහරගල ප්‍රදේශයේදී විශාල ගල් පර්වතයක් මාර්ගයට පතිත වීම හේතුවෙන් එහි එක් මන් තීරුවක් අවහිර වී පවතී.
ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සහ මීදුම් සහිත තත්ත්වය නිසා මාර්ගයට කඩා වැටී ඇති ගල් පර්වත රියදුරන්ට පැහැදිලිව දර්ශනය නොවීමෙන් බරපතල අනතුරු සිදුවීමේ හැකියාවක් පවතී. ඕනෑම අවස්ථාවක කඳු බෑවුම්වලින් ගල් පෙරළී ඒමට ඉඩ ඇති බැවින්, මෙම මාර්ග කොටස භාවිතා කරන රියදුරන් අතිශය විමසිලිමත්ව සහ ආරක්ෂිතව රථවාහන ධාවනය කළ යුතු බව පොලිසිය සහ අදාළ බලධාරීන් අවධාරණය කරයි.














