දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව වන ‘Ovation 2026’ මෙවර මැයි මස 16 සහ 17 යන දෙදින පුරා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. “පරිවර්තන ප්‍රවණතා” (Tides of Transformation) යන්න මෙවර සමුළුවේ තේමාවයි.
1924 දී ආරම්භ වූ ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් ව්‍යාපාරය පුද්ගල සන්නිවේදන, පොදු කථන සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම අරමුණු කරයි. ශ්‍රී ලංකාව 1983 වර්ෂයේදී මෙම ව්‍යාපාරයට එක්වූ අතර, අද වන විට දිස්ත්‍රික් 82 තුළ සමාජ 168කට අධික සංඛ්‍යාවක් සහ සාමාජිකයින් 4,000කට වැඩි පිරිසක් සිටිති. විශේෂයෙන්ම 2024/25 වර්ෂය සඳහා ලොව අංක එකේ දිස්ත්‍රික්කය ලෙස ද දිස්ත්‍රික් 82 නම් කර තිබීම ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
ප්‍රධාන සංවිධායක DTM මාරියෝ ද සිල්වා මහතා සඳහන් කරන පරිදි, ‘Ovation’ යනු ටෝස්ට්මාස්ටර් වර්ෂයක උච්චතම අවස්ථාවයි. දිස්ත්‍රික්කයේ දක්ෂතම කථිකයින් තරග වදින, නායකයින් ඇගයීමට ලක්වන සහ වාර්ෂික ප්‍රගතිය ප්‍රදර්ශනය කෙරෙන සුවිශේෂී වේදිකාවක් ලෙස මෙය සැලකේ.
මෙවර සමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකත්වය Home Lands සමාගම විසින් සපයනු ලබයි. මීට අමතරව Janatha Steels, A J Medichem International, New Anthoney’s Farms, Jayes Investment, Nestlé Coffeemate, Zoro Tapes සහ Maliban Biscuit Manufactories යන සමාගම් විවිධ මට්ටමින් අනුග්‍රාහක දායකත්වය සපයයි.
පෞද්ගලික අභිවෘද්ධිය සහ නායකත්ව පුහුණුව සඳහා උනන්දුවක් දක්වන පිරිස් වෙත ගෝලීය මට්ටමේ අත්දැකීමක් ලබාදීමට මෙම සමුළුව මනා පිටිවහලක් වනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.














