මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල පිහිටි ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියසදී පැවැත්විණි.
1993 වසරේ මැයි 01 වැනි දින එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ මැයි දින පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද එක්වී සිටියේය. පෙළපාළිය කොළඹ ආමර් වීදිය වෙත පැමිණි අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ. (LTTE) මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් පුද්ගලයන් 60කට ආසන්න පිරිසකට තුවාල සිදු විය.













