හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 105ක් සහ මිලිග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 අප්‍රේල් 30 වන දින මීපේගොඩ පොලිස් වසමේ, නාළුල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වටරැක ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි. මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීපේගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.














