මාදම්පේ, රන්මුතු පාලම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියේ මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 අප්‍රේල් 30 වන දින රාත්‍රියේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33යි මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 570ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 135,500ක මුදලක් තිබී ඇත. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු වන මොහු වැඩිදුර විමර්ශන සඳහා මාදම්පේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.














