වැලිමඩ ප්‍රදේශයේ පිහිටි පරිවාස මධ්‍යස්ථානයක රඳවා සිටි දරුවන් පිරිසකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ මධ්‍යස්ථානය තුළ සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.














