එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එරට ආරක්ෂා කිරීමේ අරමුණින්, ඊශ්‍රායලය සිය නවතම ‘අයන් බීම්’ (Iron Beam) ලේසර් ආරක්ෂණ පද්ධතියක් එමීර් රාජ්‍යය වෙත ලබා දී තිබේ. කෙටි දුර මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් කිරණ මගින් ඉතා සාර්ථකව විනාශ කළ හැකි මෙම පද්ධතිය, ඊශ්‍රායලය විසින් සිය දේශසීමාවෙන් බැහැර මෙහෙයුමක් සඳහා යොදවනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
මෙම සහාය වැඩසටහන යටතේ, කිලෝමීටර් 20ක පමණ දුරකින් ඩ්‍රෝන යානා හඳුනාගත හැකි ‘Spectro’ නම් උසස් නිරීක්ෂණ පද්ධතියක් ද ඊශ්‍රායලය විසින් ලබා දී ඇත. මීට අමතරව, ‘අයන් ඩෝම්’ (Iron Dome) මිසයිල ආරක්ෂණ පද්ධතියක් ද ස්ථාපිත කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායල හමුදා විශේෂඥයන් පිරිසක් ද දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව විදෙස් වාර්තා තහවුරු කරයි.
මෑතකදී ඉරානය විසින් එමීර් රාජ්‍යය ඉලක්ක කර බැලිස්ටික් මිසයිල 500කට අධික ප්‍රමාණයක් සහ ඩ්‍රෝන යානා 2,000කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබීම හේතුවෙන් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගෙන ඇත.














