ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අද (01) පෙරවරුවේ නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.
නුවරඑළිය මැයි දින රැලිය සඳහා සහභාගී වීමට විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් පැමිණ සිටි අතර ඔවුන් රැගෙන පැමිණි බස් රථ විශාල ප්‍රමාණය නගරය ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ගාල් කර තිබිණි. මෙම බස් රථවලින් පිට්ටනි පිරී පවතින අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ද බහුලව හුවමාරු වෙමින් පවතී.
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය මෙවර දිවයින පුරා ප්‍රධාන මැයි දින රැලී සහ පෙළපාළි 21ක් සංවිධානය කර තිබූ අතර නුවරඑළිය රැලිය ඉන් ප්‍රධාන එකක් ලෙස සැලකේ.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය හේතුවෙන් නුවරඑළිය නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.














