මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය වෙනුවෙන් පාවෙල් තලන්කින් දිනාගත් සම්මානය නිව්යෝර්ක් සිට ජර්මනිය බලා යන අතරතුර අතුරුදන් වී ඇති බව වාර්තා වේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙසේය:
පාවෙල් තලන්කින් සිය ‘Mr Nobody Against Putin’ වාර්තා චිත්‍රපටයට ලැබුණු ඔස්කාර් සම්මානය සිය අත් බෑගයේ (Carry-on bag) තබාගෙන නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ජර්මනිය බලා යාමට පැමිණ තිබේ. එහිදී ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ (TSA) පවසා ඇත්තේ මෙම සම්මානය ආයුධයක් ලෙස භාවිත කළ හැකි බැවින් එය අත් බෑගයේ රැගෙන යා නොහැකි බවයි.
ඔහු සතුව වෙනත් ගමන් මලු (Checked bag) නොතිබූ බැවින්, ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සමාගමේ නිලධාරීන් මැදිහත් වී සම්මානය වෙනම පෙට්ටියක බහා ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ඔහු ජර්මනියට ළඟා වන විට එම සම්මානය අතුරුදන් වී තිබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මෙම සිදුවීම පිළිබඳව ලුෆ්තන්සා ගුවන් සමාගම සිය කණගාටුව පළ කර ඇති අතර සම්මානය සොයා ගැනීම සඳහා පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තලන්කින් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටය මගින් රුසියානු පාසල් පද්ධතිය තුළ යුද ප්‍රචාරණය ව්‍යාප්ත වන ආකාරය නිරූපණය කර ඇති අතර, මේ හේතුවෙන් රුසියාව තුළ මෙම චිත්‍රපටය තහනම් කර ඇත. තලන්කින් මේ වන විට රුසියාවෙන් පිටුවහල් වී යුරෝපයේ ජීවත් වන බව ද සඳහන් වේ. අඟල් 13.5ක් උසින් යුත් කිලෝග්‍රෑම් 3.9ක් පමණ බරැති මෙම සම්මානයක් නිර්මාණය කිරීම සඳහා ඩොලර් 400ත් 1,000ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.














