එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වී අවසන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) ප්‍රකාශ කළේය. කොළඹ මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේග මැයි දින රැලියට සුබපැතුම් එක් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළේය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ මෙම එකතුවීම වැළැක්වීමට උත්සාහ කරන කුමන්ත්‍රණකාරී පාර්ශ්වයන්ට ඒ සඳහා ඉඩ නොතබන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














