තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් වීමට හෝ කටයුතු කිරීමට අපේක්ෂා නොකරන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.
තම වගකීම සහ අවධානය යොමුව ඇත්තේ රටේ ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක අංශවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පමණක් බවත්, දේශපාලනික තනතුරු ලබාගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි. වත්මන් රජයේ රාජකාරිමය වගකීම් නිසි ලෙස ඉටු කිරීම සිය එකම අරමුණ බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














