ශ්‍රී ලාංකීය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මහතා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමිනි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව්වලදී ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම්හි ඉහළට පැමිණීමට ඔහුට හැකි වූ අතර, මෙය ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාව ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.














