අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබුණි. ඒ අනුව අද දින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වෙන් කර ඇති අතර, මේ හේතුවෙන් අද දිනට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය.
















