2022 වසරේ පැවැති මහජන අරගල සමයේදී එවකට පැවැති රජය විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මෝදර පොලිසියේ එවකට ස්ථානාධිපති නලීන් ශ්‍රියන්ත යන නිලධාරීන් විසින් මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව විනිසුරු මඬුල්ල සඳහන් කර ඇති අතර, 2022 අප්‍රේල් මස සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් ඔහුව රැගෙන ගොස් මෝදර පොලිසිය මඟින් රඳවා තබා ගැනීම දැඩි කතාබහට ලක්විය. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මෙම සිද්ධියට එරෙහිව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර, විශේෂ තත්ත්වයන් සලකා බලා වගඋත්තරකරුවන්ට වන්දි හෝ නඩු ගාස්තු ගෙවන ලෙසට අධිකරණය නියෝග කර නොමැත.
















