ජෙට් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක රජයේ සහන බලාපොරොත්තුවෙන් සිටින අඩු වියදම් ගුවන් සේවා සමාගම් වෙත මූල්‍ය සහන ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඇමරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී මහතා පවසයි. නිවාර්ක් ගුවන් තොටුපළේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ අදාළ සමාගම්වලට මේ වන විටත් මුදල් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
ගුවන් සේවා සමාගම්වලට පෞද්ගලික වෙළඳපොළෙන් ණය ලබා ගැනීමේ අවස්ථාව පවතින බැවින්, එය ඔවුන්ට වඩාත් සුදුසු බවත්, රජය මූල්‍ය ආධාර ලබා දීම තවදුරටත් අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, එම සමාගම්වලට අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණක් අවසාන විසඳුම ලෙස රජය මැදිහත් වී ණය පහසුකම් සැපයීමට සූදානම් බවද හෙතෙම පැවසීය. ඇලෙජියන්ට් ට්‍රැවල් (Allegiant Travel), ඩෙල්ටා එයාර් ලයින්ස් (Delta Air Lines) සහ ෆ්‍රන්ටියර් ගෲප් (Frontier Group) ඇතුළු ගුවන් සේවා සමාගම් පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ මෙලෙස රජයේ සහන අපේක්ෂා කර තිබිණි.














