ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පසුගිය අප්‍රේල් 30 වන දින මිරිස්ස පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා මූලස්ථානය සහ බලපිටිය පිහිටි ජීවිතාරක්ෂක පුහුණු පාසල වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය. වෙරළාරක්ෂක බලකායේ මෙහෙයුම් සහ ඔවුන් ඉටුකරන සේවාවන් පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.
ජීවිතාරක්ෂක මෙහෙයුම්වලදී වෙරළාරක්ෂක බලකා සාමාජිකයන් ඉටුකරන වැදගත් කාර්යභාරය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සමුද්‍රීය ආරක්ෂාව, මෙහෙයුම් සම්බන්ධීකරණය සහ ප්‍රජා සහයෝගිතා වැඩසටහන් ඇතුළු ප්‍රධාන අංශ රැසක් පිළිබඳව සමාලෝචනය කළේය. පරිසර ආරක්ෂණය, තෙල් කාන්දුවීම්වලට ප්‍රතිචාර දැක්වීම සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ මෙහෙයුම් සඳහා එම බලකාය දක්වන දායකත්වය ද ඔහු මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.
මෙම සංචාරයේදී ප්‍රජා මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලීන්, වරාය ආරක්ෂාව, සමුද්‍රීය සංරක්ෂණය, තොටුපොළ නියාමනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම වැනි ජාතික මට්ටමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.














