ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ඉන්ධන මිල ගණන් අනුව, තමන් විසින් බෙදා හරින ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් පෙර පැවති මිල ගණන් යටතේම පවත්වා ගැනීමට තීරණය කර ඇති බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම (LIOC) නිවේදනය කරයි.
මේ අනුව, LIOC පිරවුම්හල් හරහා අදාළ ඉන්ධන වර්ග පාරිභෝගිකයන්ට පෙර පැවති මිල ගණන් යටතේම ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ. වෙළඳපොළ තුළ තරඟකාරී බව පවත්වා ගනිමින් පාරිභෝගිකයන්ට සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














