පිලිපීනයේ පිහිටි වඩාත් සක්‍රීය ගිනි කන්දක් වන ‘මායොන්’ (Mayon Volcano) ගිනි කන්දෙන් ඉතා දුර්ලභ ගණයේ දැවැන්ත දුම් වළලු (Volcanic Smoke Rings) අහසට විහිදෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අපූර්ව ස්වභාවික සංසිද්ධිය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
ගිනි කන්දේ ආස්‍යයෙන් (Vent) ඉතා වේගයෙන් වායූන් සහ වාෂ්ප පිටවන අවස්ථාවලදී මෙම දුම් වළලු නිර්මාණය වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මායොන් ගිනි කන්ද එහි පරිපූර්ණ කේතුකාකාර හැඩය නිසා ලෝකප්‍රකට වී ඇති අතර, මෙලෙස විශාල දුම් වළලු පිටවීම ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයින්ගේ ද මවිතයට හේතු වී ඇත. කෙසේ වෙතත්, ගිනි කන්දේ පවතින සක්‍රීය තත්ත්වය හේතුවෙන් ඒ අවට ප්‍රදේශවලට පනවා ඇති ආරක්ෂක විධිවිධාන තවදුරටත් ක්‍රියාත්මක බව පිලිපීන බලධාරීන් සඳහන් කරයි.














