වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ සමාන අයිතිවාසිකම් තහවුරු කරන ලෙස බල කරමින් කඳුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (03) හැටන් නගරයේදී පැවැත්විණි. “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” යන සටන් පාඨය යටතේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම විරෝධතාවය පැය තුනකට ආසන්න කාලයක් පවත්වා ඇත.
රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම වතුයායේ වතු කම්කරුවන් විසින් ඉදිකරන ලද තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් කඩා විනාශ කිරීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව වී තිබේ. වතුකරය තුළ මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොදෙන බව මෙහිදී අදහස් දැක්වූ ක්‍රියාකාරීහු අවධාරණය කළහ.
මෙම විරෝධතාවයේ තවත් පියවරක් ලෙස එළඹෙන (05) වනදා වතුකරයේ තරුණ ප්‍රජාව ඒකරාශී කරගනිමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන බව සිවිල් ක්‍රියාකාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත. වතු ජනතාවට අනෙකුත් ජාතීන්ට හිමි සමාන අයිතිවාසිකම් ලබාදිය යුතු බව ඔවුන් මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියහ.














