දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේග රජය ප්‍රථමයෙන් තමන්ගේ පක්ෂය පිරිසිදු කරගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මුලතිව්, මාන්කුලම්හිදී පැවැති එම පක්ෂයේ උතුරු පළාත් මැයි දින රැලිය අමතමිනි.
දූෂණ නඩු කිහිපයක් ගොනු කෙරෙමින් පවතින නමුත් ඒවා කුඩා මාළුන් පමණක් බවත්, විශාල මෝරුන් සිටින්නේ ජාතික ජන බලවේගය තුළම බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. රජය දූෂණය තුරන් කිරීමේ ක්‍රියාවලිය එතැනින් ආරම්භ කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













