මැතිවරණ සමයේදී වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගය, අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ “සුවච කීකරු ගෝලබාලයන්” බවට පත්ව ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ජනතාවට සහන සලසන බව පවසා බලයට පැමිණි වත්මන් රජය, ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු පියවර හරහා ජන ජීවිතය තවදුරටත් අගාධයකට ඇද දමමින් සිටින බව ඒ මහතා පෙන්වා දෙයි. බලය ලබාගැනීම වෙනුවෙන් දුන් පොරොන්දු අමතක කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා මත පමණක් කටයුතු කරන වත්මන් පාලනයේ සැබෑ ස්වරූපය දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතින බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














