කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල නගරය ආසන්නයේදී ඊයේ (02) සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයක රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ යක්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකි.
මෝටර් රථය කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී රියැදුරුට රථයේ පාලනය ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර, එහිදී අසල තිබූ විදුලි රැහැන් කණුවක සහ දුරකථන රැහැන් කණුවක රථය වේගයෙන් ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරු වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














