ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝවිල් උත්සවයක් අතරතුර ඇතෙකු කුපිත වී එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කේරළයේ පාලක්කාඩ් (Palakkad) ප්‍රදේශයේ පැවැති ආගමික පෙරහැරක් අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.
උත්සව අවස්ථාවට සහභාගී කරවා සිටි ඇතා හදිසියේම කුපිත වී ඇති අතර, එම අවස්ථාවේදී අසල සිටි පිරිස් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. ඇතා පාලනය කිරීමට දැඩි උත්සාහයක් දැරුවද, එහිදී සිදුවූ දරුණු පහරදීමකින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම සිද්ධියත් සමඟ උත්සවයට පැමිණ සිටි ජනතාව දැඩි භීතියට පත්ව හිස්ලූ ලූ අත දිව ගොස් ඇති අතර, තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කේරළයේ කෝවිල් උත්සව සඳහා අලි ඇතුන් සහභාගී කරවීමේදී පවතින ආරක්ෂිත විධිවිධාන පිළිබඳව මෙම සිද්ධියත් සමඟ යළිත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














