ඇමෙරිකානු නාවික හමුදාව විසින් එල්ල කරන ලද බාධා කිරීම් මාලාවක් සාර්ථකව මඟහරිමින්, ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ආසියා පැසිෆික් කලාපයට ළඟා වී ඇති බව වාර්තා වේ.
පවතින ජාත්‍යන්තර සම්බාධක මධ්‍යයේ ඉරාන බොරතෙල් අපනයනය සීමා කිරීමට ඇමෙරිකාව උත්සාහ දැරුවද, මෙම නෞකාව සිය ගමන් මාර්ගය සාර්ථකව නිම කිරීමට සමත්ව ඇත. ඉරානය සහ ඇමෙරිකාව අතර මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් දේශපාලන හා යුදමය වාතාවරණය හමුවේ මෙම සිදුවීම ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ලෝක බලශක්ති සැපයුමට වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ තෙල් මිල ඉහළ යාම පිළිබඳ කතාබහක් නිර්මාණය වී ඇති මොහොතක, ඉරානය සිය තෙල් අපනයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දරන උත්සාහයක් ලෙස මෙය විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














