එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙතෙක් කිසිදු නිල නොතීසියක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
අධිකරණ තීන්දු පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් මෙන්ම විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට කරන බලපෑමක් බව ද ඔහු සඳහන් කළේය. වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචා සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා විමර්ශනය නොකර, රාජපක්ෂවරුන් ඉලක්ක කර ගනිමින් කටයුතු කිරීම පක්ෂග්‍රාහී දේශපාලන දඩයමක් බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
මහජන බදු මුදලින් නඩත්තු වන අල්ලස් කොමිසම දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා නොකර ස්වාධීනව කටයුතු කළ යුතු බවත්, මෙවැනි දේශපාලන බලපෑම් හමුවේ රාජපක්ෂ පාර්ශ්වය පසුබට නොවන බවත් මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














